• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිරේක ‍ආහාර භෝග නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කිරීම

- “අපි වවමු -රට නඟමු” දේශීය ආහාර නිෂ්පාදනය දිරි ගැන්වීමේ මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත වී ඇති බව නිරීක්ෂණය වී ඇති අතර වාර්ෂික වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 4 ඉක්මනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර එය රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව ඉක්මවා යන්නකි. අතිරේක ආහාර භෝගවල ස්වයංපෝෂිතභාවය ළඟා කරගැනීම සහ ආනයනයන් සඳහා වැය වන විදේශ විනිමය ඉතිරි කරගැනීම අරමුණු කොට ගෙන ලොකු ළූණු, රතු ළූණු, අර්තාපල්, මිරිස්, බඩ ඉරිඟු, උඳු, මුං, සෝයා බෝංචි, කව්පි ආදී අතිරේක ආහාර භෝග වගා කිරීම සඳහා 2014 යල කන්නයේදී කුඹුරු ඉඩම්වලින් 35%ක ප්‍රමාණයක් යොදාගැනීමට සහ පොහොර සහනාධාර, සහනදායී පොලි අනුපාත මත ණය ලබා දීම, ඉහළ ඵලදාවක් සහිත ප්‍රභේද හඳුන්වා දීම ආදී යටිතල පහසුකම් ලබා දීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.