• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පලස්තීන රාජ්‍ය සංචාරය, 2014 ජනවාරි 06 - 07 - ගිවිසුමට එළඹීම

- පලස්තීන රාජ්‍යයේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා, 2014 ජනවාරි 06 - 07 දෙදින තුළ පලස්තීන රාජ්‍යයේ නිල සංචාරයක නියැළිණි. පලස්තීන තරුණ ප්‍රජාවගේ ධාරිතා සංවර්ධනය වෙනුවෙන් සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දක්වන කැපවීම පිළිඹිබු කරමින් සංචාරක කර්මාන්තය, හෙද සේවය හා අනෙකුත් වෘත්තීන්හි පුහුණුව මඟින් නිපුණතා සංවර්ධනයට දායක වන වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් රාමල්ලා නුවර පිහිටුවිම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් නිවේදනය කරන ලදී. ආණ්ඩු දෙක අතර කටයුතු මනා ලෙස සිදුකිරීම සඳහා පහසුකම් සැලසීමට ශක්තිමත් රාමුවක් ස්ථාපනය කිරීමේ අවශ්‍යතාව නායකයන් දෙපළ විසින් පිළිගන්නා ලද අතර, ඒ අනුව ශ්‍රී ලංකා - පලස්තීන ඒකාබද්ධ කොමිෂන් සභාව ස්ථාපනය කිරීම සඳහා වන ගිවිසුමකට දෙරට අතර අත්සන් තැබිණි. අත්සන් තබා අවසන් වූ එම ගිවිසුම සඳහා ආවරණ අනුමැතිය ලබාගැනීම පිණිස වැඩබලන විදේශ කටයුතු අමාත්‍ය, ගරු නියෝමාල් පෙරේරා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.