• Increase font size
  • Default font size
  • Decrease font size

2014-03-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සෞඛ්‍ය අමාත්‍යාංශයෙහි රාජකාරි ඉටු කිරීමේදී මහජනතාවගෙන් ලැබෙන පැමිණිලි පිළිබඳ විමර්ශනය කිරීම

- මහජනතාවට කාර්යක්ෂම සහ ඵලදායි සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අරමුණ ඇතිව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඒ යටතේ ඇති ආයතන මඟින් සපයන ලද සේවාවන් සම්බන්ධයෙන් මහජනතාව අපහසුතාවන්ට සහ සෑහීමකට පත් නොවන අවස්ථාවන්හිදී මහජනතාව සිදු කළ පැමිණිලි පිළිබඳව ක්‍රියා කිරීම පිණිස දැනට සේවයේ සිටින හෝ විශ්‍රාමික විශේෂඥ වෛද්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පරිපාලන නිලධාරින් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත නිලධාරි සංචිතයක් ඇති කිරීම සඳහා සහ එවැනි අවස්ථාවලදී එම නිලධාරි සංචිතයෙන් විමර්ශන කමිටු පත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු ‍මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.