• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ව්‍යාපෘති නොවන ජපාන ආධාර ප්‍රදාන යටතේ උසස් තත්ත්වයේ ජපන් නිෂ්පාදන (වෛද්‍ය උපකරණ හා සුබසාධන උපකරණ) සම්පාදනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 625 ක (ජපන් යෙන් මිලියන 500) ප්‍රදාන ආධාර

- ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම උදෙසා උසස් තත්ත්වයේ ජපන් නිෂ්පාදන (වෛද්‍ය උපකරණ හා සුබසාධන උපකරණ) සැපයීම සඳහා ව්‍යාපෘති නොවන ප්‍රදාන ආධාර යටතේ ජපන් යෙන් මිලියන 500ක (දළ වශයෙන් රුපියල් මිලියන 625ක) ප්‍රදානයක් ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර ඇත. ඉහත කාර්යය සඳහා ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.