• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාය මාර්ගික නගර සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය - උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් පිරිනැමෙන ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 147ක ණයවර

- රජයේ ආර්ථික ප්‍රතිපත්ති රාමුව වසර 2020 වන විට රටපුරා නගර ජාලය වඩා හොඳින් සැලසුම් කොට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ. මෙම වැඩසටහන යටතේ සංවර්ධනය කිරීමට නියමිත විශාල නගර වන්නේ කොළඹ, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ යාපනය යන නගර රජය විසින් හඳුනාගනු ලැබ ඇත. මුළු රටම ආවරණය කරමින් වෙනත් නගර 9 ක්ද නාගරික සංවර්ධන මධ්‍යස්ථාන වශයෙන් සංවර්ධනය කෙරෙනු ඇත. ඉහත ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 147ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) එකඟ වී ඇත. මේ සඳහා එම සමායතනය සමඟ ණය පිළිබඳ සාකච්ඡා සම්මුති පැවැත්වීමට සහ මූල්‍ය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.