• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හදිසි දේශගුණික ආපදා සඳහා වන විශේෂ ණය වැඩසටහන සඳහා ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුවෙන් ඇ.එ.ජ.ඩො. මිලියන 102ක ණය මුදලක් ලබා ගැනීම (CAT DDO)

- විශේෂයෙන්ම දේශගුණික විපර්යාසයන් හේතුවෙන් පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාව ගංවතුර, නායයෑම්, කුණාටු ආදී ස්වාභාවික විපත්වලට වැඩි වශයෙන් ගොදුරුවන තත්ත්වයකට මුහුණ පා ඇත. ලෝක බැංකුවේ ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර බැංකුව (IBRD) එහි මූල්‍යන ක්‍රමවේදය හරහා ස්වාභාවික ආපදාවක් සිදුවීමෙන් අනතුරුව, එහි අරමුදල් වහාම ලබාගැනීමේ හැකියාව ලබාදෙයි. උක්ත කාර්යය සඳහා ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 102ක ණය මුදලක් ලබා දීමට (IBRD) එකඟ වී ඇති අතර, ජාතික ආපදාවකදී මෙම අරමුදල් උපයෝජනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇත. මීට අදාළව සාකච්ඡා සම්මුති පැවැත්වීමට සහ මූල්‍යනය ගිවිසුමකට එළඹීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.