• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය විසින් අරමුදල් සපයනු ලබන ජාතික මාර්ග ජාලයේ නායයෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය - පරීක්ෂණ පැවැත්වීම, සවිස්තරාත්මක සැලසුම් සහ ඉදි කිරීම් අධීක්ෂණය සඳහා උපදේශක සේවා සැපයීම පිණිස කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම සඳහා අනුමැතිය ලබාගැනීම

- ජාතික මහාමාර්ග ජාලයේ නායයාම් ආපදා ආරක්ෂණ ව්‍යාපෘතියේ පිරිවැය දැරීම පිණිස, ජපාන රජයේ ණය දෙන ආයතනය වන ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය මඟින් ශ්‍රී ලංකා රජය වෙත ජපාන යෙන් මිලියන 7,619 ක මුදලක් ලැබී ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ, කඳුකර ප්‍රදේශයන් හි මෙවැනි ආපදා වැළැක්වීමේ යෝග්‍ය පියවරයන් ක්‍රියාත්මක කිරීම මඟින් මූලික යටිතල පහසුකම් වශයෙන් “ඒ” පන්තියේ ජාතික මාර්ග ඉලක්ක කරගනිමින් ඒවායේ මෙවැනි නායයෑම් ආපදාවන් සිදුවීම අවම කිරීමයි. අමාත්‍ය මණ්ඩලය මඟින් පත් කෙරුණු ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් නිර්දේශ කර ඇති පරිදි ඉහත කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා, මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.