• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හම්බන්තොට, සුරියවැව තාක්ෂණ උද්‍යානයේ ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථාන ගොඩනැඟිල්ලක් ඉදි කිරීම

- කඩදාසි මත පදනම් වූ අතින් ලිවීමේ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සහ අතින් ලියා දෙනු ලැබූ තොරතුරු සමඟ හැඳුනුම්පත් නිකුත් කිරීම හා බැඳුණු ගැටලු හා දුෂ්කරතා අවම කිරීමේ අදහස ඇතිව සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ දත්ත එකතු කර, එම දත්ත සංඛ්‍යාංකගත කිරීමෙන් අනතුරුව, පුද්ගල දත්ත ගබඩාවක් ස්ථාපිත කිරීම සඳහාත්, විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම සඳහාත්, අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දී ඇත. මෙම සේවය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාත් කුණාටු, ජල ගැලීම් හෝ භූමිකම්පා වැනි ස්වභාවික ආපදාවන්ගෙන් හා අන්තර්ජාල වාහකය බිඳ වැටීම වැනි තාක්ෂණික ගැටලුවලින් ප්‍රධාන දත්ත මධ්‍යස්ථානය ආරක්ෂා කර ගැනීම සඳහාත්, ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම අවශ්‍ය වී ඇත. මේ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් පවතින හම්බන්තොට, සූරියවැව තාක්ෂණ උද්‍යානයෙහි ආපදා ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් පිහිටුවීම පිණිස, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.