• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ රජය සහ මාලදිවයින් ජනරජය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- මාලදිවයින් ජනරජයේ අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සිදු කළ සංචාරයේ දෙරටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා, මාලදිවයින් ජනරජයේ ජාතික ක්‍රීඩා ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා විද්‍යායතනය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ආවරණ අනුමැතිය ලබා දෙන ලදී. මෙම ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම, පුහුණු අවස්ථා, ක්‍රීඩා උපකරණ, යටිතල පහසුකම් සහ ක්‍රීඩා තාක්ෂණය බෙදාහදා ගැනීමට අවස්ථාවන් සැලසෙනු ඇත.