• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අ.පො.ස. (උ.පෙළ) සඳහා තාක්ෂණය නව විෂය ධාරාව හඳුන්වා දීමට තෝරාගත් පාසල් සඳහා අවශ්‍ය මානව සම්පත් සපුරා ලීම

- මෙම නව විෂය ධාරාව 2013 අධ්‍යයන වර්ෂය සඳහා මහින්දෝදය තාක්ෂණික පාසල් 200 ක හඳුන්වා ඇති අතර, දැනට 13,100ක ශිෂ්‍ය සංඛ්‍යාවක් විසින් එකී විෂය ධාරාව හදාරනු ලැබේ. මේ සඳහා ශිෂ්‍යයන්ගේ ඉල්ලුම වැඩිවීම මත මෙම පාසල් සංඛ්‍යාව 250 දක්වා වැඩි කිරීමට යෝජිත හෙයින් අදාළ විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය සුදුසුකම් සහිත ගුරුවරුන් 150 දෙනෙකු බඳවා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.