• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය නංවාලීම සඳහා, සිංගප්පූරු ජාත්‍යන්තර පදනම සමඟ වූ සහයෝගිතා

- මෙය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය නංවාලීම සඳහා සිංගප්පුරු අන්තර්ජාතික පදනමේ සහයෝගය ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොළඹ විශ්වවිද්‍යාලය විසින් ක්‍රියාවට නංවනු ලැබීමට නියමිත වසර තුනක (03) ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ගුණත්වය ජාතික හා ආයතනික යන මට්ටම් දෙකෙන්ම ඉහළ තත්ත්වයකට ගෙන ඒමයි. ඉහත ආයතනයන්හි සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලැබීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.