• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාව උදෙසා අවශ්‍ය මානව සම්පත් ශක්තිමත් කිරීම සඳහා වන සහයෝගිතා ගිවිසුම

- ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සේවාවට අදාළව මානව සම්පත්වල ශක්‍යතාව ශක්තිමත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් විශ්වවිද්‍යාලයෙහි, ජනගහනය සහ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මෙල්බර්න් පුහුණු ආයතනයෙහි අන්තර්ජාතික මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සහ මානසික සෞඛ්‍ය විද්‍යායතනය අතර මෙම සහයෝගිතා ගිවිසුම අත්සන් කර ඇත. මෙම කාර්යභාරය සපුරා ලීම පිණිස, පොදුරාජ්‍ය මණ්ඩලයීය ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන ඕස්ට්‍රේලියානු නියෝජ්‍යායතනය (AusAID) විසින් ඕස්ට්‍රේලියානු ඩොලර් 199,000ක ප්‍රදානයක් ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය සඳහා වන මානව සම්පත් ශක්තිමත් කිරීම පිළිබඳ මෙම සහයෝගිතා ගිවිසුම පිළිගැනීම පිණිස, සෞඛ්‍ය අමාත්‍ය ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.