• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නීති ප්‍රඥප්ති ප්‍රතිශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීම

- 1956 වර්ෂය වන තෙක් නිල වශයෙන් සංස්කරණය කරන ලද ශ්‍රී ලංකා නීති ප්‍රඥප්ති, ප්‍රධාන පනත් සහිත වෙළුම් 12 කින් සහ උපකාරක නීති සහිත වෙළුම් 07 කින් සමන්විත වේ. ශ්‍රී ලංකා නීති ප්‍රඥප්තීන්වල අවසන් ප්‍රතිශෝධිත සංස්කරණයේදී 1956 සිට 1980 දක්වා පසුව පැනවුණු ඇතුළත් කර ඇත. 1956 වසරේ සිට පනවන ලද නීති ප්‍රතිශෝධනය කිරීම සහ ඒකාබද්ධ කිරීමත් එකී සංස්කරණයන් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පැවතීමත් අවශ්‍ය වී ඇත. මීට අදාළ කටයුතු කරගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.