• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- පසුගිය වසර කිහිපය තුළ කොළඹ නගරයේ රථවාහන සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් වැඩි වී ඇති හෙයින් එම රථවාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ රථවාහන අධිවේගී මාර්ග ජාලයට යොමු කිරීම සඳහා ගුවන් මාර්ග ජාලයක් ඉදි කිරීමට යෝජිතය. මේ අතරතුර කොළඹ නගරය අවට ප්‍රදේශවල වැඩි වන වාහන තදබදය අවම කිරීමට සහ බෙදී යන පරිදි කටයුතු සැලැස්වීමට කොළඹ නගරය සහ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය සම්බන්ධ කරමින් කැලණි ගඟ හරහා නව පාලමක් ඉදි කිරීමට රජය සැලසුම් කරයි. නව පාලම උසස් ජපන් තාක්ෂණය භාවිත කරමින් දැනට පවතින නව කැලණි පාලමට සමාන්තරව ඉදි කිරීමට අපේක්ෂිත අතර, 2022 වර්ෂයේ සිට 2035 වර්ෂය දක්වා කැලණි පාලම අවට ඇති විය හැකි යැයි අපේක්ෂිත රථ වාහන තදබදය සැලකිල්ලට ගනිමින් ව්‍යාපෘතිය සැලසුම් කර ඇත. දෙවැනි නව කැලණි පාලම ඉදි කිරීම සඳහා ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනය හරහා ජපන් යෙන් මිලියන 35,020 (දළ වශයෙන් රුපියල් මිලියන 45,526) ක ණය මුදලක් ලබා දීමට ජපාන රජය එකඟත්වය පළ කර ඇත. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.