• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සමාජ සංගතිය හා විපරිණාමය පිළිබඳ වැඩසටහන සඳහා වන ආරම්භයන් පහසුකරණයෙහි නව අදියර ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ජර්මානු ෆෙඩරල් ජනරජයෙන් යුරෝ මිලියන 2.5ක ප්‍රදානයක් ලබාගැනීම

- ජර්මානු ෆෙඩරල් ජනරජයේ ප්‍රදාන ආධාර යටතේ ඉහත වැඩසටහනේ අදියර කිහිපයක් ක්‍රියාවට නංවා ඇති අතර, ව්‍යාපෘතියෙහි අවසාන අදියර මඟින් පළාත් පාලන ආයතනයන්හි ධාරිතාව වර්ධනය කිරීමටත් සංවර්ධන කාර්යයන්හි පුරවැසි සහභාගිත්වය පුළුල් කිරීම පිළිබඳවත් අවධානය යොමු කර ඇත. සමාජ ඒකාබද්ධතාවය සඳහා වන ජාතික ප්‍රතිපත්ති රාමුවේ නිර්දේශ ඉදිරියට ගෙනයාම වෙනුවෙන් විශේෂයෙන් සමාජ ඒකාබද්ධතාවය සඳහා වන ප්‍රධාන ජාතික සැලැස්මක් සංවර්ධනය කිරීම හා බැඳුණු ක්‍රියාකාරකම් සඳහා යුරෝ මිලියන 2.5ක වටිනාකමකින් යුත් තාක්ෂණික සහයෝගයක් තවදුරටත් ලබා දීමට ජර්මානු රජය එකඟ වී ඇත. මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.