• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අප්‍රිකානු සංගමය (AU) තුළ ශ්‍රී ලංකාවට පිළිගැනීමක් ලබා ගැනීම

- අප්‍රිකානු රාජ්‍ය අතර එක්සත්භාවය හා සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත්, එක්සත් ජාතීන්ගේ රාමුව තුළ අන්තර්ජාතික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමටත් සාමාජික රාජ්‍යයන්හි ස්වාධිපත්‍ය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහාත්, 1999 වර්ෂයේදී අප්‍රිකානු සංගමය ස්ථාපිත කරන ලදී. අප්‍රිකානු සංගමය මේ වන විට අප්‍රිකානු රාජ්‍යයන් 54කින් සමන්විත වේ. දැනට, අප්‍රිකානු නොවන රාජ්‍යයන් 72කට අධික ප්‍රමාණයක් අප්‍රිකානු සංගමයේ පිළිගැනීමට ලක්වී තිබේ. ආසියානු රටවල් අතර ජපානය, චීනය, කොරියානු ජනරජය, ඉන්දියාව හා පාකිස්තානය පිළිගැනීමේ තත්ත්වය දැනටමත් ලබාගෙන ඇත. අප්‍රිකානු සංගමය තුළ ශ්‍රී ලංකාව සඳහා පිළිගැනීමේ තත්ත්වය ලබාගැනීමට විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.