• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල සංවිධානයේ (බිම්ස්ටෙක්) නිත්‍ය ලේකම් කාර්යාලය ස්ථාපනය කිරීම පිළිබඳ සාංගමික සංස්ථා පත්‍රය

- මෙය 1997 වර්ෂයේදී පිහිටුවා ගත් කලාපීය අන්තර් ආණ්ඩු කණ්ඩායම්ගත වීමක් වන අතර, මේ වනවිට දකුණු ආසියානු හා අග්නිදිග ආසියානු කලාපයන්ට අයත් බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව හා තායිලන්තය යන සාමාජීක රාජ්‍යයන් 07න් සමන්විත වේ. බිම්ස්ටෙක්හි නිත්‍ය ලේකම් කාර්යාලය බංග්ලාදේශයේ ඩකා නගරයේ ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. නිත්‍ය ලේකම් කාර්යාලය පිහිටුවීම පිළිබඳ සාංගමික ගිවිසුම අත්සන් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.