• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාලම් ඉදි කිරීම - අදියර II

- ග්‍රාමීය පාලම් වැඩසටහන 2011 වසරේදී ආරම්භ කරන ලද අතර, පාලම් 210ක ඉදි කිරීමේ කටයුතු දැනටමත් ආරම්භකොට ඇත. තෝරාගත් ගම්මානවල දැනට පවත්නා ඒදඞු පාලම් හා පාලම් පාරු වෙනුවට මෙම පාලම් යොදා ගැනෙනු ඇත. මෙම වැඩසටහන මඟින් 1,20,000 කට ආසන්න පවුල් ප්‍රමාණයක් ප්‍රතිලාභ ලබනු ඇති අතර අදියර II යටතේ ග්‍රාමීය පාලම් 537 ක් ඉදි කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා එක්සත් රාජධානි රජය එක්සත් රාජධානියේ ඩව් බැංකුව හා එක්ව 100% ක මූල්‍ය සහයෝගිතාව ලබා දෙනු ඇත. මෙයට අදාළ කටයුතු කර ගෙන යාම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.