• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශාතික්‍රාන්ත අපරාධ මර්දනය හා පොලිස් සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය හා මාලදිවයින් පොලිස් සේවය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම

- මෙම අවබෝධතා ගිවිසුමේ මුධ්‍ය පරමාර්ථය වන්නේ ත්‍රස්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම, මිනිස් ජාවාරම, මුදල් විශුද්ධිකරණය වැනි දේශ සීමා ඉක්මවා යන අපරාධමය ගැටලු ආමන්ත්‍රණය කිරීම සහ ප්‍රමුඛතාගත කිරීමයි. යෝජිත පරිදි මෙම අව‍බෝධතා ගිවිසුම අත්සන් කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.