• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තරග පාවා දීම වැළැක්වීමේ පනත

- මෑත කාලීනව ක්‍රීඩා ලෝකයේ ඇති වූ සිද්ධීන්, එනම් ක්‍රිකට්, පාපන්දු, රග්බි ආදී ක්‍රීඩා ක්ෂේත්‍ර‍යේ රටවල් කිහිපයක් ඇතැම් ක්‍රීඩක - ක්‍රීඩිකාවන් විසින් මුදලට තරග පාවා දීම්වල නිරත වීම සහ එමඟින් අදාළ රටට මෙන්ම ක්‍රීඩක - ක්‍රීඩිකාවන් වන අනර්ථය සැලකිල්ලට ගෙන තරඟ පාවා දීම් වැළැක්වීම සඳහා නීති කෙටුම්පත් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම පිණිස ක්‍රීඩා අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.