• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහා පරිමාණ ගෝලීය ප්‍රවර්ධන වැඩපිළිවෙළක් තුළින් සංචාරක කර්මාන්තයේ සංවර්ධනය සමාකරණය

- 2009 වර්ෂයේදී 447,939ක් වූ මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව 2013 වර්ෂය වන විට මිලියන 1.274 දක්වා වර්ධනය වී ඇත. එමෙන්ම, 2009 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 340ක් වූ ඒ හා බැඳුණු ආදායම 2013 වසරේදී ඇමෙරිකානු ඩොලර් 1500 දක්වා ඉහළ ගොස් තිබීමෙන් පෙනී යන්නේ පසුගිය පස් (05) වසරක කාලය තුළ 20% - 26%ක වාර්ෂික වර්ධන සාමාන්‍යයක් පවත්වා ගෙන ගොස් ඇති බවයි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා සංචාරක කර්මාන්තයේ වැදගත්කම සහ විදේශීය සංචාරකයින්ගේ පැමිණීමෙන් ලැබූ ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5ක සෘජු ආදායමද 2013 වසරේ මිලියන 5.2ක් වූ වාර්තාගත දේශීය සංචාරක ක්‍රියාකාරකම්ද සැලකිල්ලට ගෙන 2014 වර්ෂයේ සිට වර්ෂ දෙකක (02) කාලයක් සඳහා සංචාරක කර්මාන්තය පිළිබඳව මහා පරිමාණයේ විස්තීර්ණ ප්‍රවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා සහ ඊට අදාළ කටයුතු කිරීම පිණිස ආර්ථික සංවර්ධන අමාත්‍ය, ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.