• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ගොතටුව භූගත ජලාශය ඉදි කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් අයි.ඩී.එච්. (IDH) රෝහලේ පිහිටි ඉඩම වෙන් කරවා ගැනීම - කොළඹ ජල සම්පාදන සේවා වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය - ආසියානු සංවර්ධන බැංකුව (ADB)

- ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය හා එක්ව කොළඹ නගරය ආශ්‍රිත ජලය බෙදාහැරී‍මේ සහ සම්ප්‍රේෂණ ජාලයන්හි ජල හානි ප්‍රමාණය පහත හෙළීම සඳහා ප්‍රධාන ව්‍යාපෘතියක් දියත් කොට ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ විශේෂයෙන්ම රාජගිරිය, නාවල සහ කොළොන්නාව ප්‍රදේශහන්හි ජනතාවට ප්‍රතිලාභ හිමි වනු ඇත. කොළඹ නගරය වෙත පැය 24 පුරා පානීය ජල සැපයුම අඛණ්ඩව ලබා දීම සහතික කිරීම පිණිස ජල සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාල පද්ධතිය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කිරීමට සහ පුළුල් කිරීමට සිදු වේ. භූගත ජලය ගබඩා කිරීමේ ටැංකියක් ඉදි කිරීම සඳහා සුදුසු බවට හඳුනාගනු ලැබූ සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් ගොතටුවේ පිහිටි ඉඩමේ කොටසක් මුදා හරින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු ‍දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.