• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අන්තර්ජාතික රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සහාය ලබන රිජ්වේ ආර්යා ළමා රෝහලේ අංගාදේශක හා සෘජුකාරක සායනය සහ මඩකලපුව ශික්ෂණ රෝහලේ කායික පුනරුත්ථාපන මධ්‍යස්ථානය සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරාගැනීම

- ‘හැන්ඩිකැප් ඉන්ටර්නැෂනල්’ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානය, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පරිදි කෘත්‍රීම පාද හා කෘත්‍රීම ආධාරක උපාංග නිෂ්පාදනය කරමින් විශේෂ අවශ්‍යතා සහිත ප්‍රද්ගලයන් සඳහා පුනරුත්ථාපන සේවා සපයමින් 2004 වර්ෂයේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියා කරමින් සිටියි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එම ආයතනය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුමක් මඟින් ඔවුන්ගේ සේවාවන් 2008 වර්ෂයේදී මඩකලපුව ශික්ෂණ රෝහල වෙතද, 2009 වසරේදී රිජ්වේ ආර්යා ළමා රෝහල වෙතද ව්‍යාප්ත කර ඇත. දැනට මෙම සංවිධානය මඟින් මඩකලපුව ශික්ෂණ රෝහලේ සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ පවත්වාගෙන යනු ලබන භෞතික/කායික පුනරුත්ථාපන මධ්‍යස්ථාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්සන් කරනු ලැබීමට නියමිත අවබෝධතා ගිවිසුමක් මඟින් රජයට පවරා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.