• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැදුරුඔය ජලසම්පාදන ව්‍යාපෘතිය

- මහව සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචි ජනතාව සඳහා ආරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා වන දැදුරු ඔය ජලසම්පාදන ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 58,155,000ක අගය නොඉක්මවන පරිදි කොරියානු වොන් ප්‍රමාණයක ණය මුදලක් ලබා දීමට කොරියාවේ අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල එකඟත්වය පළ කර ඇත. මෙම කාර්යයට අදාළ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.