• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය

- රුවන්වැල්ල ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත පානීය ජලය ලබා දීම මඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාවට නැංවීමට නියමිත රුවන්වැල්ල ජල සම්පාදන ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 20,530,000ක අගය නොඉක්මවන පරිදි කොරියානු වොන් ප්‍රමාණයක ණය මුදලක් කොරියාවේ අපනයන - ආනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල එකඟත්වය පළ කර ඇත. මේ හා බැඳුණු කටයුතු කරගෙන යාම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.