• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරවෙල, නව බස් නැවතුම්පොළක් ඉදි කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම

- වැලිමඩ, ඇටම්පිටිය, වැල්ලවාය, කොස්ලන්ද, හපුතලේ, දියතලාව, ඇල්ල, දෙමෝදර වැනි කලාපීය නගරවල ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානය ලෙස බණ්ඩාරවෙල නගරය ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් නාගරික සංවර්ධන අධිකාරිය වෙත මුදා හැරීමට නියමිත බිම් කොටසක නව බස් නැවතුම්පොළ පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් සකස් කොට ඇත. මෙම කාර්යයට අදාළ කටයුතු කිරීම සඳහා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.