• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය

- මහනුවර නගරයේ වා‍හන තදබදය විසඳීමට එහි ගමනාගමනය වැඩිදියුණු කිරීමේ සැලැස්මක්ද සහිතව ගාල්ල සහ මහනුවර නගරයන් සඳහා උපායමාර්ගික සංවර්ධන සැලැසුම් සැකසීම මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛ අවශ්‍යතා වශයෙන් හඳුනාගන්නා ලදී. මෙම කාර්යය උපායමාර්ග සංවර්ධන සැලසුම් සැකසීම සහ පාරිසරික අධ්‍යයනයන් සිදු කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය මඟින්ද සමාජයීය අධ්‍යයනයන් සිදු කිරීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින්ද උපදේශක සේවා ලබාගැනීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.