• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දැනට පවතින නියඟය හේතුවෙන් ජල සම්පාදනයට ඇති බලපෑම

- ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් දැනට පවතින නියඟය හේතුවෙන් රටේ ප්‍රධාන ජල පවිත්‍ර යන්ත්‍රාගාරවල පවතින තත්ත්වය පිළිබඳව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලද අතර, ගංඟාවල සහ ජලාශවල ජල පිවිසුම්වල ජල මට්ටම් පහත බසින බැවින් තවදුරටත් නියඟය පැවතුණහොත් නුදුරු අනාගතයේදී ජලය සැපයීම සීමා කිරීමට සිදු වන බව ප්‍රකාශ කරන ලදී.