• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශගුණික අවබලපෑම් අවම කිරීමේ වැඩසටහන උදෙසා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනයෙන් පිරිනැමෙන ඇ.ඩො. මිලියන 110ක ණයවර

- ශ්‍රී ලංකාව සුවිශාල ලෙස බහුවිධ උපද්‍රව අවධානම් කෙරෙහි නිරාවරණව පවතින රටක් බැවින්, ශ්‍රී ලංකා රජය, සිය සංවර්ධන වැඩපිළිවෙළ තුළ කාලගුණික විපර්යාස සම්බන්ධයෙන් ප්‍රමුඛතාවක් ලබා දීමෙන් හදිසි අවස්ථා පෙර සූදානම් හා ප්‍රතිචාර හැකියාව කෙරෙහි වැඩි ආයෝජනයක් සිදු කරන අතරම ආපදා අවදානම් කළමනාකරණය උදෙසා නෛතික හා ආයතනික සැලසුම් ශක්තිමත් කිරීම කෙරෙහි සුවිශේෂ පියවර ගෙන ඇත. මෙම දේශගුණික බලපෑම් අවම කිරීමේ වැඩසටහන දියුණු කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 110ක ණය මුදලක් ලබාදීමට ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් එකඟතාවය පළකරනු ලැබ ඇත. ඊට අදාළ කටයුතු කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.