• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය, දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර සබඳතා සහ ක්‍රමෝපායික අධ්‍යයන සඳහා ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය අතර අවබෝධතා ගිවිසුම

- මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ඒකාබද්ධ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු ප්‍රවර්ධනය කිරීමයි. ජාත්‍යන්තර සම්බන්ධතා සහ ක්‍රමෝපායික අධ්‍යයනය සඳහා වූ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, සිංගප්පුරුවේ ජාතික විශ්වවිද්‍යාලය සහ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.