• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය අදියර II පියවර 2 - සැලසුම් සහ පසු නිර්මාණකරණය අධීක්ෂණ උපදේශක සේවා

- 2009 වර්ෂයේදී සාමය උදාවීමත් සමඟම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි මගී සංචලනය 15%කින් ඉහළ ගිය අතර, 2013 වර්ෂයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මඟින් මිලියන 7ක මගී සංඛ්‍යාවක් හසුරුවන ලද බව නිරීක්ෂණය කොට ඇත. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ අදියර II පියවර 2 අවසාන වීමෙන් පසුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මුළු මගී ධාරිතාව වර්ෂයකට මිලියන 15කට අධික වන බව අපේක්ෂා කෙරේ. ඉහත සඳහන් ව්‍යාපෘතියට අදාළ කටයුතු කිරීම සඳහා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු පියංකර ජයරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.