• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
උතුරු මාර්ග සබඳතා ව්‍යාපෘතිය - නාවත්කුලී - කේරතිව් - මන්නාරම (ඒ 32) මාර්ගයේ පිහිටි “සංගුපිටි” පාලමේ මන්නාරම අන්තයේ ප්‍රවේශය (කි.මී. 4.5) පුනරුත්ථාපනය කිරීම/වැඩිදියුණු කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

- අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි රුපියල් මිලියන 1,119ක පිරිවැයකින් යුත් ඉහත සඳහන් කොන්ත්‍රාත්තුව ඒ සඳහා සාරානුකූල ලෙස ප්‍රතිචාර දක්වා ඇති අවම ලංසුකරු වෙත ප්‍රදානය කිරීම සඳහා මහාමාර්ග, වරාය හා නාවික අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.