• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදනු ලබන 2011 අංක 1 දරන අපනයන සඳහා කෘත්‍රිම උපස්තරවල ජලජ ජීවීන් වගා කිරීමේ නියෝග

- ලෝකයේ විවිධ රටවල් වෙරළාසන්න මුහුදේ මෙන්ම දේශීය ජල තීරයේ සුවිශේෂී වූ ජෛව විවිධත්වයක් ඇති ප්‍රදේශ සජීවි ජීවීන් සහිත කෘත්‍රිම උපස්තර තැන්පත් කිරීම සඳහා ‍යොදා ගනු ලැබ ඇත. සජීවි ජීවීන් සහිත කෘත්‍රිම උපස්තර කරදිය හා මිරිදිය විසිතුරු මත්ස්‍ය ජලාශ අලංකරණය කිරීම සඳහා යොදා ගත හැක. මෙම කරුණට අදාළ නියෝග ඇතුළත් අංක 1734/12 හා 2011‑11‑30 දිනැති හා අංක 1786/26 හා 2011‑11‑30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය, ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.