• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිලිපීනයේ මැනිලා නුවර පැවති, “කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ මිනිස් ජාවාරම පිළිබඳ අග්නිදිග ආසියානු උප කලාපීය පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ රැස්වීම”

- ජනගහනය හා සංවර්ධනය පිළිබඳ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ ආසියානු සංසදයෙහි විධායක අධ්‍යක්ෂ විසින් කරනු ලැබූ ආරාධනයක් පරිදි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා ඉහත සම්මන්ත්‍රණයට සහභාගි විය. මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ ආසියානු ෆැසිපික් කලාපයයේ පාර්ලිමේන්තු සාමාජිකයින්ට හමු වී අග්නිදිග ආසියාවේ මිනිස් ජාවාරම් පිළිබඳ ගැටලු සාකච්ඡා කිරීම සහ ඒ විෂයය පිළිබඳව ඔවුනොවුන්ගේ අත්දැකීම් හුවමාරු කරගැනීම සඳහා අවස්ථාවක් සලසා දීමය. ඉහත සම්මන්ත්‍රණයට සහභාගි වූ නියෝජිතයන් විසින් රටෙහි මිනිස් ජාවාරමට එරෙහිව සටන් කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ජයග්‍රහණ අගයන ලද අතර, ස්ත්‍රී පුරුෂභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය පිටුදැකීමට ගෙන ඇති සුබවාදී පියවරයන්ද ඔවුන්ගේ පැසසුමට ලක්විය. ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය, ගරු තිස්ස කරල්ලියද්ද මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.