• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කිලිනොච්චියේ පිහිටි, යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨය සහ ඉංජිනේරු පීඨය සංවර්ධනය කිරීම

- ඉන්දියානු රජය විසින් කුඩා සංවර්ධන ව්‍යාපෘති ප්‍රදාන අනුග්‍රහය මඟින් යාපනය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා ඉංජිනේරු පීඨවලට එක් පීඨයකට රුපියල් මිලියන 300 බැගින් වෙන් කොට ඇත. කෘෂිකර්ම පීඨය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 300 මඟින් ශ්‍රවණාගාරයක්, පරිගණක ඒකකයක්, පුස්තකාලයක් සහ ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක් සඳහා පහසුකම් සපයන කුසලතා සංවර්ධන මධ්‍යස්ථානයක් පිහිටුවීමට යෝජිතය. ඉංජිනේරු පීඨය සඳහා වෙන් කර ඇති රුපියල් මිලියන 300 මඟින් අවශ්‍ය උපකරණ සහ ගෘහ භාණ්ඩවලින් සමන්විත සිවිල් සහ යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යයනාංශ සඳහා නිවහන වන ගොඩනැඟිල්ලක් පිහිටුවීමට යෝජිතය. මෙම කරුණ පිළිබඳව අදාළ කටයුතු කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.