• Increase font size
  • Default font size
  • Decrease font size

2014-02-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිපුණතා ආංශීය වැඩිදියුණු කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් මූල්‍යාධාර

- ආංශික නිපුණතා සංවර්ධන වැඩසටහන මඟින් ඉලක්ක කෙරෙනුයේ 2020 වර්ෂය වන විට දේශීය හා විදේශීය ශ්‍රම වෙළඳපොළ ඉල්ලුම සපුරා ලීමට හැකි කාර්යක්ෂම නිපුණතා අධ්‍යාපන පද්ධතියක් ස්ථාපිත කිරීමය. මෙම වැඩසටහන මඟින් ගෝලීය ආර්ථික ඉල්ලුම සපුරා ලීමට හැකි වන පරිදි තරුණයන්ගේ නිපුණතා, හැකියාවන් සහ දක්ෂතාවන් වර්ධනය කරනු ඇති අතර, දැනුම පදනම් වූ ආර්ථිකයක් කරා රට පරිවර්තනය වීමේදී එමඟින් සහාය ලබාදෙනු ඇත. ආසියානු සංවර්ධන බැංකුව මෙම කාර්යය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක් ලබා දීමට එකඟ වී ඇත. මීට අදාළ කටයුතු කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.