• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොහොර ප්‍රසම්පාදනය කිරීම - යල කන්නය - 2014

- සහනාධාර මිලක් යටතේ ගොවීන්ට පොහොර ලබා දීමේ වැඩසටහන කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති සී/ස ලංකා පොහොර සමාගම (ලක් පොහොර) සහ සී/ස කොළඹ කොමර්ෂල් පොහොර සමාගම විසින් හසුරුවනු ලැබේ. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි 2014 යල කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණයන් මිල දී ගැනීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.