• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
යාපනය ඕලන්ද බලකොටුව සංරක්ෂණය කිරීම

- යාපනය ඕලන්ද බලකොටුව 1690 දී ඕලන්ද ජාතිකයන් විසින් ඉදි කරන ලද්දක් වන අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නෙදර්ලන්ත රජයේ සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍යාධාර ඇතිව 2009 වසරේදී එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කරන ලදී. 2014 වර්ෂයෙන් ආරම්භ වන ඉදිරි වර්ෂ 4 ඇතුළත රුපියල් මිලියන 200ක ඇස්තමේන්තුගත පිරිවැයකින් එහි ඉතිරි සංරක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ගරු (ආචාර්ය) ජගත් බාලසූරිය මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.