• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 53 දරන ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන සංවර්ධන අධිකාරිය පනතේ 37 වැනි වගන්තියේ (2) වැනි උප වගන්තියේ (ඇ) ඡේදය යටතේ පනවනු ලබන ජලජීවී වගා කළමනාකරණ නියෝග

- ඉහත නියෝග පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම නියෝග මඟින් බලපත්‍රයක් ලබාගැනීමකින් තොරව ජලජීවී වගා කටයුතු සිදු කිරීම තහනම් කෙරෙන අතර, එම නියෝග මඟින් පරීක්ෂණ ගාස්තුවක්ද ඇතුළත් කර ඇත.