• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජන සෙවණ’ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන වැඩසටහන යටතේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් සඳහා නාරාහේන්පිට චිත්‍රා පටුමඟ, ඇන්ඩර්සන්වත්ත ඉඩමේ ඉදි කිරීමට යෝජිත මහල් නිවාස ව්‍යාපෘතිය

- නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් සඳහා නාරාහේන්පිට චිත්‍රා පටුම‍ඟෙහි, නිවාස ඒකක 55කින් සමන්විත බහු මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීති නිලධාරින් සඳහා වැඩි ඉඩකඩක් ලබා දීමට නිවාස ඒකක ගණන 80 දක්වා වැඩි කිරීම සඳහාත්, මහල් ප්‍රමාණය 12 සිට 20 දක්වා වැඩි කිරීම සඳහාත්, ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය ගරු විමල් වීරවංශ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.