• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා පරිශ්‍රයෙහි ජාතික, උපකරණ හඳුනාගැනීමේ ලේඛනයක් (National Equipment Identity Register - NEIR) ස්ථාපනය කිරීම

- මේ වන විට ජංගම දුරකථන භාවිත කරන්නන් මිලියන 2.2කට ආසන්න සංඛ්‍යාවක් මෙරට තුළ සිටින අතර, ව්‍යාජ ජංගම දුරකථන වෙළඳපොළ සීමා කිරීමේ සහ ජංගම දුරකථන සොරකම වළක්වාලමින් පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් සියලුම ජංගම දුරකථන ක්‍රියාකරුවන් සඳහා ජාතික උපකරණ හඳුනාගැනීමේ ලේඛනයක් ස්ථාපනය කිරීමට තීරණය කර ඇත. ජංගම දුරකථනයේ සිම් (SIM) කාඩ්පත වෙනස් කළද එක් ජාලයක අසාධු ලේඛනගත කළ ජංගම දුරකථන අග්‍රයන් (terminals) අනෙකුත් ජාලයන්හි ක්‍රියා නොකරන බව සියලුම ජාල ක්‍රියාකරුවන්ට තහවුරු කිරීම සඳහා වන මධ්‍යගත පද්ධතියක් ලෙස මෙම ජාතික උපකරණ හඳුනාගැනීමේ ලේඛනය ක්‍රියා කරයි. මීට අදාළ ඉදිරි කටයුතු කර ගෙන යාම පිණිස අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.