• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-13 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වියළි කලාපීය නාගරික ජල හා සනීපාරක්ෂක ව්‍යාපෘති
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි පහත සඳහන් කොන්ත්‍රාත්තු දෙක (02) පිරිනැමීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනා දෙක (02) අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

*පොම්ප, ස්වයංක්‍රීය පද්ධති සහ විදුලි හා යාන්ත්‍රික උපාංග සැපයීම සහ සවි කිරීම සහිතව වවුනියාව ජල පවිත්‍රාගාරය සහ රැස්කුරු ජලාශ සෑදීම;
*පොම්ප, ස්වයංක්‍රීය පද්ධති සහ විදුලි හා යාන්ත්‍රික උපාංග සැපයීම සහ සවි කිරීම සහිතව හලාවත සහ පුත්තලම ජල පවිත්‍රාගාර සහ රැස්කුරු ජලාශ සෑදීම;