• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ කෙන්යානු නිල සංචාරය

- කෙන්යා ජනරජයේ අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනය මත ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමා කෙන්යාවේ සංචාරයක නිරත විය. නායක දෙපළ අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අන්‍යොන්‍ය වශයෙන් වැදගත් විශාල පරාසයක් ආවරණය වූ කරුණු සාකච්ඡාවට බඳුන් විය. මෙම රාජ්‍ය සංචාරය, දෙරට අතර පවත්නා දිගුකාලීන හවුල්කාරීත්වය තහවුරු කරගැනීමට සහ පොදු ගමන් මඟක‍ට පිවිසීමේ සහ අන්‍යොන්‍ය සෞභාග්‍යය පිළිබඳව නවමු සහ විශ්වාසය තැබිය හැකි අනාගතයකට මඟ පාදන සමීප සබඳතා වර්ධනය කරගැනීමට ලැබුණු සුවිශේෂ අවස්ථාවක් බවට නායක දෙපළ එකඟ වූහ. දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීම, නිරීක්ෂණය කිරීම සහ ඇගයීම සඳහා සම්බන්ධ වන මූලික ලක්ෂ්‍යයක් ලෙස “සහයෝගිතාව සඳහා කෙන්යා - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිෂන් සභාව” ස්ථාපනය කිරීමේ ගිවිසුමට අත්සන් තැබීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස් මැතිතුමා විසින් ඉහත තොරතුරු අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී.