• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ග්‍රාමීය පාලම් 1,000ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය

- ග්‍රාමීය ප්‍රදේශවල ගමනාගමන සම්බන්ධතාව ඇති කිරීම සඳහා ග්‍රාමීය පාලම් 1000ක් ඉදි කිරීමට යෝජිත අතර, එමඟින් දුරබැහැර ගම්මාන විශාල ප්‍රමාණයක ගම්වාසීන්ට වෙළඳපොළ, අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් සඳහා පහසු ප්‍රවේශය සැලසෙනු ඇත. මේ කාර්යය සඳහා අදාළ විදේශ බැංකු සමඟ ණය ගිවිසුම්වලට එළඹීමට මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.