• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය බැංකු ණය මුදල් උපයෝගි කරගනිමින් ප්‍රමුඛතා මාර්ග පුනරුත්ථාපනය කිරීම

- දේශීය බැංකු ණය මුදල් ආධාරවලින් පහත සඳහන් මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දී ඇත. අදාළ දේශීය බැංකු සමඟ ණය ගිවිසුම්වලට එළඹීමට මාර්ග සංවර්ධන අධිකාරියට බලය පැවරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

                *       වත්තල - මහර මාර්ගය - (බී 460) (කි.මී. 0.00 - කි.මී. 7.24);
        *       අම්බලන්ගොඩ - ඇල්පිටිය - පිටිගල මාර්ගය (බී14)
(කි.මී. 16.23 - කි.මී. 29.36);
        *       මැදවච්චිය - හොරව්පතාන මාර්ගය (බී 282)
                (කි.මී. 0.00 - කි.මී. 10.00); සහ
        *       හැඳල - හුණුපිටිය මාර්ගය (බී 151) (කි.මී. 0.00 - කි.මී. 4.02).