• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිළිකා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම - අදියර II - මඩකලපුව ශික්ෂණ රෝහල

- නැ‍ඟෙනහිර පළාතේ ප්‍රධානතම රෝහල වන්නේ මඩකලපුව ශික්ෂණ‍ රෝහලයි. මෙම රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ Iවන අදියරේ ඉදි කිරීම් කටයුතු රාජ්‍ය ආයතනයක් වන ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ප්‍රදානය කෙරුණු අතර, දැනට එහි වැඩ සිදුවෙමින් පවතී. මෙම ව්‍යාපෘතියේ II වන අදියරේ ඉදිකිරීම් කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුවද ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයට ප්‍රදානය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.