• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හොරණ, කුණ්ඩසාලේ සහ දියගම නිවර්තන කලාපීය ජෛව විවිධත්ව පලතුරු උද්‍යාන සංවර්ධනය කිරීම

- පලතුරු සඳහා දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළේ ඉල්ලුම වැඩිවෙමින් පවතින බව නිරීක්ෂණය කර ඇත. නව ප්‍රභේද හඳුන්වා දීම, ගුණාත්මක බීජ සහ රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම මෙන්ම පලතුරු වගාව කෙරෙහි ජනතාවගේ අපේක්ෂාව සහ උනන්දුව ප්‍රවර්ධනය කිරීම සහ නිර්දේශිත ප්‍රභේදවල මූලික ප්‍රචාරණ ද්‍රව්‍ය සැපයීමේ අරමුණ ඇතිව හොරණ, කුණ්ඩසාලේ සහ දියගම නිවර්තන කලාපීය පලතුරු උද්‍යාන ස්ථාපිත කිරීමේ මූලික අදියර මේ වන විටත් නිමා කර ඇත. මෙයට අදාළ ඉදිරි කටයුතු කිරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්ද යාපා අබේවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.