• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත

- ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛ වැඩසටහනක් වනුයේ ඉහත පනතේ විධිවිධාන අනුව ක්‍රියාත්මක කෙරෙන හිමිකම් ලියාපදිංචි කිරීමේ (බිම්සවිය) වැඩසහටනයි. ඉහත පනතේ විධිවිධාන ක්‍රියාවට නැංවීමේදී උද්ගත වූ ගැටලු හඳුනාගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද විශේෂ කමිටුවක නිර්දේශ මත ඉහත පනතට ඇතැම් සංශෝධන සිදු කිරීම සඳහා සහ මහජනයාගේ සුබසිද්ධිය පිණිස, ඒ අනුව නීති සංශෝධන සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.