• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ස්විට්සර්ලන්තයේ බර්න්හි ශ්‍රී ලංකා නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ස්ථාපනය කිරීම

- 2012 වර්ෂය වන විට ශ්‍රී ලාංකිකයෝ 54,932 දෙනෙක් ස්විට්සර්ලන්තයේ වාසය කරති. ස්විට්සර්ලන්තය සංවර්ධන වැඩසටහන් සඳහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ද්විපාර්ශ්වික සහාය ලබා දී තිබේ. 2012 වර්ෂයේදී දෙරට අතර පැවති මුළු වෙළඳාමෙහි වටිනාකම ඇ‍.එ.ජ. ඩොලර් මිලියන 325.76කි. කාර්මීකරණය වූ ප්‍රධාන රටක් මෙන්ම යුරෝපා වෙළඳපොළවලට පිවිසුම් දොරක් වන ස්විට්සර්ලන්තයට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වර්ධනය කිරීමට සැලකිය යුතු තරමේ හැකියාවක් පවතින බව නිරීක්ෂණය කර තිබේ. 2014 පෙබරවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්විට්සර්ලන්තයේ අගනුවර වන බර්න්හි ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ස්ථාපනය කිරීම සහ ඊට අදාළ ඉදිරි කටයුතු කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී.එල්.පීරිස්  මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.