• Increase font size
  • Default font size
  • Decrease font size

2014-01-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඔරොත්තු දෙන මිලකට ගව ආහාර ලබා දීම තුළින් කිරි නිෂ්පාදනය වැඩි කිරීම

- රජයේ අභිප්‍රාය වන්නේ සියලුම පශු නිෂ්පාදනයන්ගෙන් රට ස්වයංපෝෂිත තත්ත්වයකට පත් කිරීම වන අතර, දේශීය කර්මාන්තයක් වශයෙන් සංවර්ධනය කළ යුතු ප්‍රධානතම ක්ෂේත්‍රයක් වශයෙන් කිරි නිෂ්පාදන කර්මාන්තය හඳුනා ගෙන ඇත. 2012 වර්ෂයේදී කිරි ලීටර් මිලියන 299ක් නිෂ්පාදනය කරමින් ශ්‍රී ලංකාව කිරිවලින් 40%ක ස්වයංපෝෂිත තත්ත්වයකට ළඟා වී ඇති අතර, 2011 වර්ෂය හා සැසඳීමේදී එය 16%ක වැඩිවීමකි. කිරි ලීටර් එකක නිෂ්පාදන වියදමින් 40%ක ප්‍රමාණයක් උසුලනුයේ ප්‍රධාන වශයෙන්ම බඩඉරිඟු, සහල් නිවුඩු, පොල් පුන්නක්කු, තිරිඟු නිවුඩු, ඛනිජ සහ විටමින්වල මිශ්‍රණයක් වූ සාන්ද්‍ර ආහාර මඟිනි. මේවා ගව ආහාර සඳහා ඔරොත්තු දෙන මිලකට ලබා දීමට හැකි වන පරිදි පොල් පුන්නක්කු සහ සහල් නිවුඩු අපනයනය සීමා කිරීම සඳහා පියවර ගැනීමට පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය, ගරු ආරුමුගන් තොන්ඩමාන් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.